Sunday, October 1, 2017

NEW CIRCUIT & GADGET

Variable DC Power Supply(LM317t) 

මෙහිදී 28 v ක් out  කරන transformer එකක් අවශ්‍ය වන අතර (1BR) 6A diode 4 මගින් මගින් full wave rectification කිරීම හා C1 capacitor මගින් එම වෝල්ටීයතාව තව දුරටත් සුමට කරනු ලබයි. 4700uf අධ් ධාරිතාව මගින් වැඩි ධාරාවකට ඔරොත්තු දීම හා 50v මගින් වැඩි වෝල්ටියතාවකට ඔරොත්තු දේ.(AC-DCකිරීමේදී වෝල්ටීයතාව වැඩි වේ.)5k රෙසිස්ටරය මගින් D2-LED ය සදහා ධාරාව අඩු කරනු ලබයි.LM317T   IC එකෙහි pin 3ම නිවරදිව සම්බන්ද කලයුතු වේ. 50k සදහා 50k  volume controller භාවිතා කල යුතු වේ.(වෝල්ටීයතාව වෙනස් කිරීමට කරකැවීමේ පහසුව සදහා). 2200uf මගින්voltage drop down වීම වලකාලනු ලබයි.D3- diode මගින් විදුලිධාරාව forward bias කරනු ලැබේ.ඉන්පසු voltmeter ය  paralll ලෙස සම්බන්ධ කලයුතුවේ. මී ලගට Ammiter ය serialලෙස සම්බන්ධ කිරීම හා එයට parallel වන ලෙස switch ය සම්බන්ධ කලයුතුවේ.ඉන් පසු ඇති D1  - diode ය මගින් විදුලිධාරාව නැවත forward වීම සිදු කරනු ලබයි.එමගින් පරිපතය තුලට විදුලිධාරාව කිසිම ලෙසකින් වත් ආපසු ගැලීම නවතාලනු ලබයි.Ammiter  යේ ආරක්ශාව සදහා Switch ය on කර තැබිය යුතු අතර ලබා ගන්නා අගය බලා ගැනීමට අවශ්‍ය විටදී ධාරාව Ammiter ය හරහා ගලායන ලෙස Switch ය කල off යුතුවේ. (ඒ  Ammiter ය හරහා බොහෝ වේලාවක් ධාරාවක් ගැලීමේදී උපදින තාපය මගහැරීම සදහා.)

 



Sunday, August 21, 2016



  • ROBOTICS (රොබෝ තාක්ෂණය) 
  • ADUINO(ආඩුඊනෝ )


රොබෝ තාක්ෂණය ඉගෙන ගන්න උනනදුවක් තියෙන වනම්  ඒසඳහා පහසුම වන්නේ  arduino Programming යි.මහපලවෙනියටම කියන්න ඕනා මේකේ තියෙන ඔක්කොම මම සාර්ථකව අත් හදා බලා තියෙන ඒවා නිසා බයනැතුහදන්න. මුදල් නම් ඉතින් ටිකක් වියදම් වෙනවා තමා. එහෙම කියලා මුදල් අපතේ යාමක් වෙන්නේ නෑ. මොකද තමන්ගේ වාහනයකට හරි ගෙදර වැඩකටයුතු වලත් මේවා බාවිතා රන්න පුලුවන්. මමත් මේ ගැජට් වලින් ගොඩක් ප්‍රයෝජන ගන්නව.
Ardunio  යනු කුමක්ද ?
Arduino  කියන්නේ Open source electronic development platform  එකක්. කොලොම්බියානු පර්යේෂකයෙකු වන   Hernando Barragán  විසින් 2004 දී ඉතාලියේ ඉව්රියා හිදී  Interaction Design Institute Ivrea (IDII),නම් සමාගම සදහා  ATmega128 microcontrollerය යොදාගෙන නිර්මානය කරනලද මෙම development platform එක 2005දී Massimo Banzi, David Cuartielles, Tom Igoe, Gianluca Martino, and David Mellis ඇතුලු පර්යෙෂකයන්ගේ දායකත්වයෙන් එලිදැක්වුනි.
Arduino සමඟ වැඩ කිරීමට අවශ් ප්‍රධාන උපාංගය තමයි Arduino board එක කියන්නේ. Arduino bord හදන සමාගම් නම් දැන් ගොඩක් තියෙනවා.  මුලින්ම  Arduino bord හදලා තියෙන්නේ Italy ඉතාලියේ වූවාට   Arduino යනු Open source bord  බැවින් මවූ සමාගම නොවන වෙනත් සමාගම් Ardunio bord  නිෂ්පාදනය කරන අතර එමනිසා ඉතාලියෙන්  පිට රටවලටත් Ardunio bord  ලබා ගැනීමට හැකියාව ලැබීතිබෙනව. ඇමෙරිකාව හදන Arduino bord - Arduino වූවාට ඇමෙරිකවෙන් පිට රටවල Arduino bord – Genuino නම් වේ. SparkFun Electronics හා  Adafruit Industries කියන්නේ ඇමෙරිකාවේ Arduino හදන ප්‍රධාන සමාගම්  දෙකක්. Genuino ආසියාව , යුරෝපය ,දකුනු ඇමෙරිකාව ,  කැනඩාව ආ අප්‍රිකාව  නිපදවනවා . Arduino උපාංග අලෙවිය 2011 මැද වනවිට 300,000 ක් පමන හා 2013 වනවිට 700,000 දක්වා ඉහල නැග තිබුනි.
චීනයේ නිපදවන   Ardunio bord  හා උපාංග අඩුම මිලට ලබාගත හැකි වන අතර  මේ වන විට විවිධ මාදිලි වලින් Arduino bord මිලිදී ගැනීමට තිබෙනවා.
Ex:- Arduino UNO, Arduino Mega, Ardunio Nano, Arduino Pro mini, Arduino Lily pad, Arduino 101, Arduino Primo, Arduino YUN, Arduino Due, Arduino Yun, Arduino Duemilanove
නමුත් මෙයින් බහුලවම භාවිතයට ගැනෙන්නේ  Arduino UNO හා Arduino Mega යන දෙවර්ගයයි. මේ අතරින් ආධුනිකයෙකුට සුදුසු වන්නේ Arduino UNO හා Arduino Mega bord එකයි.


වෙනස් විදිහකට කියනවානම්   Arduino  කියන්නේ PIC Programming වගේ, නමුත්  PIC Programming වලට වඩා පහසුවෙන් ඉතාම සංකීර්ණ නිර්මාණ කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට කියනවනම්  LED bulb එකක් දැල්වෙන නිවෙන අවස්ථාවේ ඉදලා ඉතාම සංකීර්ණ මට්ටමෙ රොබෝ කෙනෙක් වැනි සංකීර්ණ ව්යාපෘති පවා ඉතාම පහසුවෙන් නිර්මාණය කරගන්න පුළුවන්. ඔබට ඔබ සාදන ඉලෙක්ට්රොනික පරිපථය පරිගණකය හා සම්බන්ධ කිරීමට අවශ් වූයේ යැයි සිතන්න. එසේනම්  Arduino bord  එකත් සමග ලැබෙන USB cable එක යොදාගෙන ඉතාම පහසුවෙන් පරිගණකය හා සම්බන්ධ කලහැක. එසේම යම් හෙයකින් ඔබ සාදන පරිපථයට Touch screen display එකක් එක්කිරීම  සදහා ඔබට අවශ් වන්නේ Arduino  වෙනුවෙන් නිපදවා තිබෙන  Touch screen module එකක් පමණි. නැත්තම් Wi-Fi හෝ Bluetooth මගින්   ඔබේ android smart phone යොදාගෙන හෝ Microsoft visual studio වැනි මෘදුකාංග  යොදාගෙන පරිගණකය  Arduino bord  සමග දත්ත හුවමාරුකරන්නත්    Arduino bord  සදහා විධාන නිකුත් කරන්න පුලුවන්. Arduino  වෙනුවෙන් නිපදවා  තිබෙන සංවේදක හා විවිධ  උපාංග(Sensers and Module) රාශියක් Arduino bord  සදහා එක්කරන්න පුලුවන්.
 
Arduino programming කරන විට  Circuit Design කිරීමට Arduino උපාංගත්,   Programming කිරීම  සදහා Arduino මෘදුකාංගත්  අවශ්‍ය  වනවා. Arduino සදහා අවශ්‍ය මෘදුකාංග හා උපදෙස්   www.arduino.cc  හා www.arduino.org  යන නිල වෙබ් අඩවි වලින් ලබා ගත හැකියි.
 විවිධ Arduino bord
Arduino_Mini
Arduino Leonardo 
Arduino Micro
         
Arduino Nano


A101
Ard_MKR1000




















පහත රූපයේ දැක්වෙන්නේ සරලව  Arduino UNO board එකක Hardware කොටස් .

  

  •   Atmega 328 microcontroller - Arduio UNO board  එකෙහිප්‍රධාන microcontrollerයක්    වේ. මෙහි 32KB FlashMemory යකින් යුතුවන අතර bootloader සදහා 0.5KB   මතකයක්  ගනී. UNO board එකෙහි ඇත්තේ Atmega 328 microcontroller එක වූවත් Arduino මාදිලියෙන් මාදිලියට මෙහි ඇති microcontroller වෙනස්  වනවා.
  • Atmega16u2328 microcontroller- Arduio UNO board  එකෙහිප්‍රධාන microcontrollerයක්    වේ. එය මගින් Atmega 328 microcontroller හා USB සමහ සම්බන්ධතාව ගොඩනගාගනී.
  •  SRAM මතකය  2KB වේ.
  •   EEPROM මතකය. 1KB වේ
  • Serial Programmer - වෙනත් Arduino board එකක් හෝ වෙනත් microcontroller එකක් programme කිරීමට යොදාගැනීමට හැක.
  •   USB Plug - Arduino එක පරිගනකය හා සම්බන්ධ කිරීමට හා Arduino වෙත විදුලිය සැපයීමට භාවිතා කරයි.
  • External Power - USB සම්බන්ධතා වයකින් විදුලිය සැපයීමට නොහැකි විට මෙය භාවිතා කල හැක. මෙහිදී ලබාදිය යුතු අවම වෝල්ටීයතාව 7 v වන  අතර උපරිම වෝල්ටීයතාව 12 v වේ.
    උපරිමය 6v-20v දක්වා ලබාදිය හැකි නමුත් regulater ic එක  අධිකව රත්වී විනාශ වියහැක.
  • 5v pin-මගින් 5ක වෝල්ටීයතවක් ලබාගත හැක.
  •  3.3v pin-මගින්3. 3ක වෝල්ටීයතවක් හා 50ma ධාරාවක්  ලබාගත හැක.
  • Vin pin- සදහා 5v වෝල්ටීයතවක් ලබාදිය හැක.
  • Ground Pin - විදුලිසැපයුමෙහි (-) අග්රයවේ
  • Tx /Rx -Tx හා Rx භාවිතා වනුයේ RS-232(ශ්‍රේණිගත)   හා USB දත්ත හුවමාරුව සදහාය. බොහෝ විට පරිඝණකය සමග සම්බන්ධ කර ඇතිවිට මෙම පින්2 භාවිතා නොකරයි
  • I/O Pins - ඕනෑම Arduino board එකක් තුල ප්රධාන වශයෙන් Pin වර්ග 2 ක් තිබෙනවා, එනම් Analog හා Digital Pin ලෙසයි. උපරිමය 5v හා 40ma ක ධාරාවක් ලබාගත හැකිවේ.
  • ·         ඊට අමතරව PWMpin  (Pulse Width Modulator)) ලෙස හදුන්වන පින් 6 ක්  ද ඒ අතර පිහිටා තිබේ.
  •       Digital input/output Pin 14ක්( PWMpin 6ක් සමග  (Pulse Width Modulator)) හා  analog input pin6 ක් තිබේ. එසේම Arduino UNO Bord එකෙහිඇති Analog pin 6 හා Digital Pin 14 Digital Output pin ලෙසභාවිතාකිරීමටහැක 
  • Reset button - මගින් ක්ෂණිකව  වැඩසටහන නැවත  මුල සිට ධාවනය කල හැක.
  • L – සලකුනු කර ඇති ස්ථානයේ ඇති කුඩා LED ය pin 13සමග සම්බන්ධ වී ඇත.
  • ON – සලකුනු කර ඇති ස්ථානයේ ඇති කුඩා LED ය විදුලිය ලැබී ඇති  විටදී ක්‍රියාකරයි.
  • ·         Tx හා  Rx – සලකුනු කර ඇති ස්ථානයේ ඇති කුඩා LED 2 මගින් RS-232(ශ්‍රේණිගත)   හා USB දත්ත හුවමාරුවන විටදී ක්‍රියාකරයි.  
  • ·         දෝලකය 16Mz වේගයකින් යුතුවේ 


    Arduio UNO board හි හා  Atmega 328 microcontroller හි දත්ත සටහන.



  • Arduino Mega 2560 හි හා ATmega2560microcontroller හි දත්ත සටහන.
    • Atmega 2560microcontroller - Arduio UNO board  එකෙහිප්‍රධාන microcontrollerයක්    වේ. මෙහි 256KB FlashMemory යකින් යුතුවන අතර bootloader සදහා 8KB ක  මතකයක්  ගනී.
    •   Atmega16u2 microcontroller- Arduio UNO board  එකෙහිප්‍රධාන microcontrollerයක්    වේ. එය මගින් Atmega 2560 microcontroller හා USB සමහ සම්බන්ධතාව ගොඩනගාගනී.
    • SRAM මතකය  8KB වේ.
    • EEPROM මතකය. 4KB වේ
    •   දෝලකය 16Mz වේගයකින් යුතුවේ.
    •  Digital input/output Pin 54ක්( PWMpin 14ක් සමග  (Pulse Width Modulator)) හා  
    •  analog input pin16 ක් තිබේ. 

    මෙහි ප්‍රධාන මයික්‍රොකොන්ට්‍රෝලර 2 දැවී ගියහොත් නැවත අලුතින් යෙදිය හැකිව්.අලුතින් යොදන මයික්‍රොකොන්ට්‍රෝලරය නැවත program කලයුතු වේ..
    මෙහි Analog pin භාවිත වන්නේ variable value එකක් වැනි ප්රතිසමව විචලනය වන දත්තයක් Arduino වෙත input කිරීම සදහායි. යම් හෙයකියින් 3v,3.5v,1.1v,0.5v වැනි 0 ත් 5 ත් අතර අගයක් ලබාදීමට අවශ් නම් සදහා යොදා ගත යුත්තේ මෙම Analog pin . උදාහරණයක් වශයෙන් LED එකක දීප්තිය පාලනය කිරීම, dcමෝටරයක වේගය පාලනය, වෙනස් වන වෝල්ටීයතා අගයක් මැනීම, වෙනස් වන ප්‍රතිරෝධයක් මැනීම.

    මෙහි Digital Pin භාවිත වන්නේ දිවිමය ලෙස විචලනය වන දත්ත Input හා Output කිරීමටයි. මෙම පින් වලට  හදුනා ගත හැක්කේ 1 හා 0 අවස්ථා පමණි. මෙහි 1 යන්නෙන් 5V යන්නත් 0 යන්නෙන් 0V යන්නත් නිරූපණය වනවා,  උදාහරණයක් වශයෙන් LED එකක් නීවීම දැල්වීම වැනි Digital output සදහාද, බාහිර ස්විචයක් On/Off කිරීම වැනි Digital input හදුනාගැනීමට භාවිතා වන්නේ මෙම Digital Pin .

    Digital Pin
    තුල ඇති තවත් කාණ්ඩයක් වන්නේ Digital PWM( pulse with modulation) pin . මෙම හැකිaයාව ඇති සෑම Pin එකක් ඉදිරියෙන්ම "~" සලකුණ යොදා තිබෙනවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෝටරයක වේගය පාලනය, බල්බයක එලිය අඩුවැඩි කිරීම වැනි කාර්යයන් සඳහා යොදා ගත හැකි වීමයි.
    මෙහි 16Mz crystal oscillator මගින්  16Mzක වේගයක් උපදවනවා.