ROBOTICS(රොබෝ තාක්ෂණය)-----ADUINO(ආඩුඊනෝ )
ROBOTICS(රොබෝ තාක්ෂණය)-----ADUINO(ආඩුඊනෝ ) -microcontroller programming and electronics
Sunday, October 1, 2017
Sunday, August 21, 2016
- ROBOTICS (රොබෝ තාක්ෂණය)
- ADUINO(ආඩුඊනෝ )
රොබෝ තාක්ෂණය
ඉගෙන ගන්න උනනදුවක් තියෙන වනම් ඒසඳහා පහසුම
වන්නේ arduino Programming යි.මහපලවෙනියටම කියන්න ඕනා මේකේ තියෙන ඔක්කොම මම සාර්ථකව අත් හදා බලා තියෙන ඒවා නිසා බයනැතුව හදන්න. මුදල් නම් ඉතින් ටිකක් වියදම් වෙනවා තමා. එහෙම කියලා මුදල් අපතේ යාමක් වෙන්නේ නෑ. මොකද තමන්ගේ වාහනයකට හරි ගෙදර වැඩකටයුතු වලත් මේවා බාවිතා කරන්න පුලුවන්. මමත් මේ ගැජට් වලින් ගොඩක් ප්‍රයෝජන ගන්නව.
Ardunio
යනු කුමක්ද ?
Arduino
කියන්නේ Open source electronic development
platform එකක්.
කොලොම්බියානු පර්යේෂකයෙකු
වන Hernando Barragán විසින් 2004 දී ඉතාලියේ ඉව්රියා හිදී Interaction Design Institute Ivrea (IDII),නම්
සමාගම සදහා ATmega128
microcontrollerය යොදාගෙන නිර්මානය කරනලද මෙම development
platform එක 2005දී Massimo
Banzi, David Cuartielles, Tom Igoe, Gianluca Martino, and David Mellis ඇතුලු පර්යෙෂකයන්ගේ දායකත්වයෙන් එලිදැක්වුනි.
Arduino සමඟ වැඩ කිරීමට
අවශ්‍ය ප්‍රධාන
උපාංගය තමයි Arduino board එක කියන්නේ. Arduino bord හදන සමාගම්
නම් දැන් ගොඩක් තියෙනවා. මුලින්ම Arduino bord හදලා
තියෙන්නේ Italy ඉතාලියේ වූවාට Arduino යනු
Open source bord බැවින් මවූ සමාගම
නොවන වෙනත් සමාගම්
Ardunio bord නිෂ්පාදනය කරන
අතර එමනිසා ඉතාලියෙන් පිට
රටවලටත් Ardunio bord ලබා
ගැනීමට හැකියාව
ලැබීතිබෙනව. ඇමෙරිකාව හදන Arduino bord - Arduino වූවාට ඇමෙරිකවෙන් පිට රටවල Arduino bord – Genuino නම් වේ. SparkFun Electronics හා Adafruit Industries කියන්නේ ඇමෙරිකාවේ Arduino හදන ප්‍රධාන සමාගම්
දෙකක්. Genuino ආසියාව , යුරෝපය ,දකුනු ඇමෙරිකාව
, කැනඩාව ආ අප්‍රිකාව නිපදවනවා . Arduino උපාංග
අලෙවිය 2011 මැද වනවිට
300,000 ක් පමන හා
2013 වනවිට 700,000 දක්වා
ඉහල නැග තිබුනි.
චීනයේ
නිපදවන Ardunio bord හා උපාංග අඩුම මිලට ලබාගත හැකි වන අතර
මේ
වන විට විවිධ
මාදිලි වලින් Arduino bord මිලිදී ගැනීමට තිබෙනවා.
Ex:- Arduino UNO, Arduino Mega, Ardunio Nano, Arduino Pro mini,
Arduino Lily pad, Arduino 101, Arduino Primo, Arduino YUN, Arduino Due, Arduino Yun, Arduino
Duemilanove
නමුත් මෙයින්
බහුලවම භාවිතයට ගැනෙන්නේ
Arduino UNO හා Arduino Mega යන දෙවර්ගයයි. මේ
අතරින් ආධුනිකයෙකුට සුදුසු
වන්නේ Arduino UNO හා Arduino Mega bord එකයි.
වෙනස් විදිහකට කියනවානම් Arduino කියන්නේ PIC
Programming වගේ, නමුත්
PIC Programming වලට වඩා පහසුවෙන් ඉතාම සංකීර්ණ නිර්මාණ කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට කියනවනම් LED bulb එකක් දැල්වෙන නිවෙන අවස්ථාවේ ඉදලා ඉතාම සංකීර්ණ මට්ටමෙ රොබෝ කෙනෙක් වැනි සංකීර්ණ ව්‍යාපෘති පවා ඉතාම පහසුවෙන් නිර්මාණය කරගන්න පුළුවන්. ඔබට ඔබ සාදන ඉලෙක්ට්‍රොනික පරිපථය පරිගණකය හා සම්බන්ධ කිරීමට අවශ්‍ය වූයේ යැයි සිතන්න. එසේනම් Arduino bord එකත් සමග ලැබෙන USB cable එක යොදාගෙන ඉතාම පහසුවෙන් පරිගණකය හා සම්බන්ධ කලහැක. එසේම යම් හෙයකින් ඔබ සාදන පරිපථයට Touch screen display එකක් එක්කිරීම
සදහා ඔබට අවශ්‍ය වන්නේ Arduino වෙනුවෙන් නිපදවා තිබෙන
Touch screen module එකක් පමණි. නැත්තම් Wi-Fi හෝ Bluetooth මගින් ඔබේ android smart phone යොදාගෙන හෝ Microsoft
visual studio වැනි මෘදුකාංග යොදාගෙන පරිගණකය Arduino bord සමග දත්ත හුවමාරුකරන්නත් Arduino bord සදහා විධාන නිකුත් කරන්න පුලුවන්. Arduino වෙනුවෙන් නිපදවා තිබෙන සංවේදක හා විවිධ
උපාංග(Sensers and Module) රාශියක් Arduino
bord සදහා එක්කරන්න පුලුවන්.
Arduino programming කරන
විට Circuit
Design කිරීමට Arduino උපාංගත්, Programming කිරීම
සදහා
Arduino මෘදුකාංගත් අවශ්‍ය වනවා.
Arduino සදහා අවශ්‍ය මෘදුකාංග හා උපදෙස් www.arduino.cc හා
www.arduino.org යන නිල වෙබ් අඩවි වලින් ලබා ගත හැකියි.
විවිධ Arduino bord
Arduino_Mini |
Arduino Leonardo |
Arduino Micro |
Arduino Nano |
A101 |
Ard_MKR1000 |
පහත
රූපයේ දැක්වෙන්නේ සරලව Arduino UNO board එකක
Hardware කොටස් ය.
- Atmega 328 microcontroller - Arduio UNO board එකෙහිප්‍රධාන microcontrollerයක් වේ. මෙහි 32KB FlashMemory යකින් යුතුවන අතර bootloader සදහා 0.5KB ක මතකයක් ගනී. UNO board එකෙහි ඇත්තේ Atmega 328 microcontroller එක වූවත් Arduino මාදිලියෙන් මාදිලියට මෙහි ඇති microcontroller වෙනස් වනවා.
- Atmega16u2328 microcontroller- Arduio UNO board එකෙහිප්‍රධාන microcontrollerයක් වේ. එය මගින් Atmega 328 microcontroller හා USB සමහ සම්බන්ධතාව ගොඩනගාගනී.
- SRAM මතකය 2KB වේ.
- EEPROM මතකය. 1KB වේ
- Serial Programmer - වෙනත් Arduino board එකක් හෝ වෙනත් microcontroller එකක් programme කිරීමට යොදාගැනීමට හැක.
- USB Plug - Arduino එක පරිගනකය හා සම්බන්ධ කිරීමට හා Arduino වෙත විදුලිය සැපයීමට භාවිතා කරයි.
- External Power - USB සම්බන්ධතා වයකින් විදුලිය සැපයීමට නොහැකි
විට
මෙය
භාවිතා
කල
හැක.
මෙහිදී
ලබාදිය
යුතු
අවම
වෝල්ටීයතාව 7 v වන
අතර
උපරිම
වෝල්ටීයතාව 12 v වේ.
උපරිමය 6v-20v දක්වා ලබාදිය හැකි නමුත් regulater ic එක අධිකව රත්වී විනාශ වියහැක. - 5v pin-මගින් 5ක වෝල්ටීයතවක් ලබාගත හැක.
- 3.3v pin-මගින්3. 3ක වෝල්ටීයතවක් හා 50ma ධාරාවක් ලබාගත හැක.
- Vin pin- සදහා 5v වෝල්ටීයතවක් ලබාදිය හැක.
- Ground Pin - විදුලිසැපයුමෙහි (-) අග්රයවේ
- Tx /Rx -Tx හා Rx භාවිතා වනුයේ RS-232(ශ්‍රේණිගත) හා USB දත්ත හුවමාරුව සදහාය. බොහෝ විට පරිඝණකය සමග සම්බන්ධ කර ඇතිවිට මෙම පින්2 භාවිතා නොකරයි
- I/O Pins - ඕනෑම Arduino board එකක් තුල ප්‍රධාන වශයෙන් Pin වර්ග 2 ක් තිබෙනවා, එනම් Analog හා Digital Pin ලෙසයි. උපරිමය 5v හා 40ma ක ධාරාවක් ලබාගත හැකිවේ.
-
· ඊට අමතරව PWMpin (Pulse Width Modulator)) ලෙස හදුන්වන පින් 6 ක් ද ඒ අතර පිහිටා තිබේ.
- Digital input/output Pin 14ක්( PWMpin 6ක් සමග (Pulse Width Modulator)) හා analog input pin6 ක් තිබේ. එසේම Arduino UNO Bord එකෙහිඇති Analog pin 6 හා Digital Pin 14 ම Digital Output pin ලෙසභාවිතාකිරීමටහැක
- Reset button - මගින් ක්ෂණිකව වැඩසටහන නැවත මුල සිට ධාවනය කල හැක.
- L – සලකුනු කර ඇති ස්ථානයේ ඇති කුඩා LED ය pin 13සමග සම්බන්ධ වී ඇත.
- ON – සලකුනු කර ඇති ස්ථානයේ ඇති කුඩා LED ය විදුලිය ලැබී ඇති විටදී ක්‍රියාකරයි.
-
· Tx හා Rx – සලකුනු කර ඇති ස්ථානයේ ඇති කුඩා LED 2 මගින් RS-232(ශ්‍රේණිගත) හා USB දත්ත හුවමාරුවන විටදී ක්‍රියාකරයි.
-
· දෝලකය 16Mz වේගයකින් යුතුවේArduio UNO board හි හා Atmega 328 microcontroller හි දත්ත සටහන.
-
Arduino Mega 2560 හි හා ATmega2560microcontroller හි දත්ත සටහන.
- Atmega 2560microcontroller - Arduio UNO board එකෙහිප්‍රධාන microcontrollerයක් වේ. මෙහි 256KB FlashMemory යකින් යුතුවන අතර bootloader සදහා 8KB ක මතකයක් ගනී.
- Atmega16u2 microcontroller- Arduio UNO board එකෙහිප්‍රධාන microcontrollerයක් වේ. එය මගින් Atmega 2560 microcontroller හා USB සමහ සම්බන්ධතාව ගොඩනගාගනී.
- SRAM මතකය 8KB වේ.
- EEPROM මතකය. 4KB වේ
- දෝලකය 16Mz වේගයකින් යුතුවේ.
- Digital input/output Pin 54ක්( PWMpin 14ක් සමග (Pulse Width Modulator)) හා
- analog input pin16 ක් තිබේ.
මෙහි ප්‍රධාන මයික්‍රොකොන්ට්‍රෝලර 2 දැවී ගියහොත් නැවත අලුතින් යෙදිය හැකිව්.අලුතින් යොදන මයික්‍රොකොන්ට්‍රෝලරය නැවත program කලයුතු වේ..මෙහි Analog pin භාවිත වන්නේ variable value එකක් වැනි ප්රතිසමව විචලනය වන දත්තයක් Arduino වෙත input කිරීම සදහායි. යම් හෙයකියින් 3v,3.5v,1.1v,0.5v වැනි 0 ත් 5 ත් අතර අගයක් ලබාදීමට අවශ්‍ය නම් ඒ සදහා යොදා ගත යුත්තේ මෙම Analog pin ය. උදාහරණයක් වශයෙන් LED එකක දීප්තිය පාලනය කිරීම, dcමෝටරයක වේගය පාලනය, වෙනස් වන වෝල්ටීයතා අගයක් මැනීම, වෙනස් වන ප්‍රතිරෝධයක් මැනීම.මෙහි 16Mz crystal oscillator මගින් 16Mzක වේගයක් උපදවනවා.
මෙහි Digital Pin භාවිත වන්නේ දිවිමය ලෙස විචලනය වන දත්ත Input හා Output කිරීමටයි. මෙම පින් වලට හදුනා ගත හැක්කේ 1 හා 0 අවස්ථා පමණි. මෙහි 1 යන්නෙන් 5V යන්නත් 0 යන්නෙන් 0V යන්නත් නිරූපණය වනවා, උදාහරණයක් වශයෙන් LED එකක් නීවීම දැල්වීම වැනි Digital output සදහාද, බාහිර ස්විචයක් On/Off කිරීම වැනි Digital input හදුනාගැනීමට භාවිතා වන්නේ මෙම Digital Pin ය.
Digital Pin තුල ඇති තවත් කාණ්ඩයක් වන්නේ Digital PWM( pulse with modulation) pin ය. මෙම හැකිaයාව ඇති සෑම Pin එකක් ඉදිරියෙන්ම "~" සලකුණ යොදා තිබෙනවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෝටරයක වේගය පාලනය, බල්බයක එලිය අඩුවැඩි කිරීම වැනි කාර්යයන් සඳහා යොදා ගත හැකි වීමයි.
Subscribe to:
Posts (Atom)